Thursday, January 23, 2025

කැඳත් නැති වෙලේ බන්දුලගෙන් අලුත් බදු !

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් ” යැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

සමාජ සංරක්ෂණ දායක මුදල යනුවෙන් එම බද්ද නම් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මුදල් ගෙවා ජාත්‍යන්තර පාසල්වලින් සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතර බොහෝ දෙනෙකු සිය සෞඛ්‍ය කටයුතු ද පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගන්නා අතර ඔවුන් ද අදාළ බද්ද ගෙවිය යුතු ද? නැද්ද? යන්න අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.

මෙම අමාත්‍යවරයා මීට පෙර ද විවිධ අදහස් පළ කර ඇති අතර රු. 2500කින් මාසයක් ජීවත් විය හැකි බවට කළ ප්‍රකාශය දැඩි දෝෂ දර්ශනයටත්, සරදමටත් ලක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles