කෑගගහා ඕක ඇතුළෙ ඉන්න නැතුව මළ හත් ඉලව්වේ වරෙන්කො එළියට ! – වෙල්ගම

0
305

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් පවසන දේට ආණ්ඩුවේ ප්‍රධානීන් සවන් නොදෙන්නේ නම් ආණ්ඩුවේ කුඩා පක්ෂ කළයුතුව ඇත්තේ ඇමතිකම් දරමින් ආණ්ඩුව තුළම සිට කෑගැසීම නොව ආණ්ඩුවෙන් එළියට බැසීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

“කැබිනට් ඇමතිවරු සහ ඕක ඇතුළෙ ඉන්න අය ඒගොල්ලන්ව දැනුවත් කරන්නෙ නැත්නම්, ඒගොල්ලො කියන දේ අහන්නෙ නැත්නම් කෑගගහා ඕක ඇතුළෙ ඉන්න නැතුව මළ හත් ඉලව්වේ වරෙන්කො එළියට ! එළියට බැහැපන්කො, ඕක ඇතුළට වෙලා කෑගහන්නෙ ? මොකද ඔය ඇමතිකම් මහලොකු දේවල්ද ? ඇමතිකම් හැමදාම තියෙනවද ? නෑනෙ … 

ඇමතිකම් ඕනෙ නෑ මිනිස්සුන්ට. පාරට බැහැලා මිනිස්සු වෙනුවෙන් කතා කරන්න, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඇමතිකම් හෝ රාජ්‍ය බලය ඕනෙ නෑ. එළියට බැස්සොත් අපි ඔක්කොටම එකතු එක්කහු වෙලා කෑගහලා මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here