Monday, September 23, 2024

කෑගල්ල අධිකරණයේ අලුත්වැඩියාව සයින්දමරුදු අයෙකුට දීම ගැටලුවක්

කෑගල්ල අධිකරණ සංකීර්ණයේ අලූත්වැඩියාවන් සඳහා ටෙන්ඩර් ලබාදී ඇත්තේ කිලෝමීටර් 300 කටත් ඈත සයින්දමරුදු ප‍්‍රදේශයේ කෙනෙකුටයි. මේ සඳහා අපට සැකයක් මතු වී තිබෙනවා. මේ අලූත්වැඩියාවන්වලදී මෙහි තිබෙන ලිපිගොනු විනාශ වී යාවි ද කියා. මෙය අපේ ජාතික ආරක්‍ෂාවට බලපෑමක් වන්න පුළුවන් යැයි රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ දක්‍ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

කෑගල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් 14 වැනි දින මෙම මාධ්‍ය සාකච්ඡුාව සංවිධානය කර තිබුණු අතර එය කෑගල්ල සිරිමහින්දෝදය පිරිවෙනෙහිදී පවත්වන ලදි.

එහිදී තවදුරටත් අදහස් පළකළ උන්වහන්සේ අපේ කියමනක් තියෙනවා රෝගය ඇති වුණාට පස්සේ ප‍්‍රතිකාර කරනවට වඩා සහ වැදගත් ආරක්‍ෂාකාරී ලාභදායකයි ලෙඬේ හැදෙන්න කලින් ලෙඬේ එන්න තියෙන පරිසරය එසේ නොවෙන්න සකස් කරගන්න එක. ත‍්‍රස්තවාදී නමැති රෝගයෙන් ශ‍්‍රී ලංකාව පීඩිතව පවතිනවා. ඒ ගැන අත්දැකීම් අපිට බහුලයි. මේ රෝගයට ප‍්‍රධානම හේතුව තමයි වළක්වා ගැනීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක නොවීම. යහපාලන ආණ්ඩුව සමයේ ඒ අදාළ අයට දැඩි ලෙස චෝදනා එල්ල වුණා, ත‍්‍රස්තවාදය වළක්වා ගැනීම සඳහා ඔවුන් ක‍්‍රියාකළේ නැහැ කියලා.

දැනට තියෙන කරුණු අනුව අපට පේනවා යම් ආකාරයක කුමන්ත‍්‍රණකාරී කරුණක් තියෙන බව. පසුගිය දවස්වල අපි දැක්කා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා යනවා. ඒ වගේම අලි පොත නැතිවුණා.

“ආරක්‍ෂක විධිවිධාන තියෙන කෞතුකාගාරයේ බඩු නැතිවෙනවා. එන්නත් විශාල තොගයක් නැතිවුණා. ඒ වගේම අධිකරණවල ගිනි ගැනීම් ඇතිවුණා. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති විශේෂ ලිපිගොනු බොහෝ අධිකරණ තුළ නඩු භාණ්ඩ හැටියට තියෙනව. කෑගල්ල අධිකරණය තුළ ආරක්‍ෂිතව තියෙන පෙරහුරුවක් ද මේ යන්නේ කියන වැදගත් සාධනීය සාධක අප සතුව තියෙනවා. කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය සිවිල් මහාධිකරණය, අධිකරණ පුස්තකාලය, නිල මැදිරිය ඇතුළු සියලූම තැන්වල අලූත්වැඩියාවන් කෙරෙනවා. අලූත්වැඩියාවට ගෙන්න ගන්නේ පක්‍ෂග‍්‍රාහී පිරිසක් කියන බවක් තමා පෙනී යන්නේ.”

වාර්තාව – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles