කෑම පැයේදී හෙද වැඩ වර්ජනයක්…

0
364

ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, දිවයින පුරා රෝහල් 100ක අද දිනයේ මධ්‍යහ්න 12 සිට 1 දක්වා එම විරෝධාවය පවත්වන බවය.

කෙසේ වෙතත් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here