කිතුල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කරයි

0
1018

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් වශයෙන් මෙන්ම විදේශ විනිමය ඉපැයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගනු ලැබ ඇති අතර, කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය කාලයන් තුළ විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීමේ වැඩ පිළිවෙල යටතේ කිතුල් බෝගය ආශ්‍රිත කර්මාන්ත පුළුල් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත.ඒ අනුව, කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීමටත්, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමටත් වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here