කිඹුල් නඩුව වෙන අධිකරණයක කැඳවන්න රාජිත කළ ඉල්ලීම උසාවියෙන් ඉවතට

0
250

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුව’’ වෙනත් මහාධිකරණයක් හමුවේ කැඳවීමට නියෝගයක් කරන්නැයි විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (18 දා) ප‍්‍රතික්‍ෂේප කළේය.

එම නඩුව ඊයේ (18 දා) කැඳවූ අවස්ථාවේදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා එම ඉල්ලීම කරනු ලැබීය.

කෙසේ වෙතත් එම නඩුව ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

නීතිඥ ජයබා කළුපහන, මාර්ක් ඇන්ටන්, ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කරනු ලැබීය.

2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී වෙස් මාරුකරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා කළ ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here