කිඹුලෙක් හිමිනමකගේ චූටි ඇඟිල්ල කයි…

0
350

පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මැණික් ගඟේ අංක 02 පාලම අසල තොටුපලේ දිය නාමින් සිටියදී ඊයේ (17) රාත්‍රි 8 ට පමණ කිඹුලෙකු ඩැහැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී කිඹුලා සමග පොර බැඳීම නිසා හිමි නමගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදුවී කතරගම රෝහල වෙත ඇතුලත් කරනු ලැබිණ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පානදුර, වෙිරවත්තපාරේ ශ්‍රී විජයාරාමයේ වැඩවසන සීගිරියේ සද්ධාතිස්ස නැමැති 24 හැවිරිදි හිමි නමකි.

කතරගම රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදී ඇති අතර වම් අතේ ඇඟිල්ලකට තරමක තුවාල සිදුවී ඇතැයි වෛද්‍යවරු කියයි.

මීට මාස කීපයකට ඉහතදී සෙල්ල කතරගම දියනාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු ඩැහැගෙන යාම නිසා මරුමුවට පත්වී තිබූ අතර අවස්ථා කීපයකදීම ප්‍රදේශවාසීන්ට සහ වන්දනාකරුවන්ට කිඹුලන් හානි සිදුකර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here