කිරිපිටි-ගෑස් තිරිඟු පිටි සහල්-සිමෙන්ති මිලේ අවසන් තීරණය

0
527

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (27) රැස් වන අමාත්‍ය මණ්ඩලයේදී ගැනීමට නියමිතව තිබේ.පාන්පිටි, ගෑස් සහ සිමෙන්ති මේ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබෙන නමුත් අවසන් තීරණය අමාත්‍ය මණ්ඩලයේදී ගන්නා බව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ නංවන ලෙස ඉල්ලා තිබේ.

මාසිකව කිරිපිටි මෙට්‍රික් ටොන් 7,500ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 250 ඉක්මවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here