කිරිපිටි නැති රටක්, ගෑස් නැති රටක්, භූමිතෙල් නැති රටක්,වගේම අනාගතයේ විදුලිය නැති රටක්, ඇතිවීමේ භයානක අනතුරට ලංකාව ගමන් කරමින් තිබෙනවා

0
295

මෙරට ඉතාමත්ම බරපතල මූල්‍ය අගාධයට ඇද වැටෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

විදේශ විනිමය හිඟය දැවැන්ත සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව ඔහු කියා සිටී.

මෙම තත්ත්වයන් සමග එළඹෙන වසරේ ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් වන බවත් මේ වන විට මෙරට සතුව තිබෙන්නේ මිලියන 1500 ක පමණ විදේශ වත්කමක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම ඩොලර් මිලියන 1500 න් 350 ක් පමණම ඇත්තේ රත්‍රං ලෙස බව ඔහු පැවසු ඔහු ලබන වසරේ ගෙවිය යුතු සමස්ත ණය බර ඩොලර් මිලියන 7000 කට අධික බවත්, රටට අත්‍යාවශ්‍ය ඖෂධ, තෙල්, ගෑස්, ගල් අඟුරු මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පාන් පිටි, සීනි වැනි දෑ ගෙන්වීම සඳහා කිසිඳු මුදලක් මහ බැංකුව සතුව නොමැති බව‍ත් ඔහු අවධාරණය කරයි

කිරිපිටි නැති රටක්, ගෑස් නැති රටක්, භූමිතෙල් නැති රටක්,වගේම අනාගතයේ විදුලිය නැති රටක්, ඇතිවීමේ භයානක අනතුරට ලංකාව ගමන් කරමින් තිබෙන බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here