කිරිපිටි, ගෘහස්ථ ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට රජය තීරණ කළේය.
මෙි සමගම ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300 ක උපරිමයකටත්, ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520කටත්, අලෙවි කිරීමට ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.මෙම උපරිම මිල තව දුරටත් ඉහළ නොයන බවත් කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.
මේත් සමගම කිරිපිටි ආනයනය සමාගම් විසින් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
මේ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇතැයි සඳහන්.
එමෙන්ම තිරිඟු පිටි මිල ද රුපියල් 10 කින් ඉහළ නැංවීමට ආනයනයකරවෝ තීරණ කර ඇත.
මීට පෙර කිරිපිටි කිලෝවක් රුපියල් 945 ක සහ ග්රෑම් 400 ක් රුපියල් 380 ක උපරිම සිල්ලර මිලක් පැවතුණි.