කිරිපිටි මිල යලි ඉහළ යයි ? 400g රු.260 කින් සහ 1Kg රු.600 කින් ඉහළට !

0
298

ආනයනික කිරිපිටි කිලෝවක මිල යළි ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා වැඩි කිරීමටත්, ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා රුපියල් 260 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

මිල ඉහළ දැමීමට අදාල ඉල්ලීම පසුගිය 07 වැනිදා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමුකර ඇති බවද එම සමාගම් සඳහන් කරනවා.

ලෝක වෙළඳපොලේ කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක මිල ඇමරිකානු ඩොලර් 2.80 සිට 5.30 දක්වා ඉහළ ගොස් ඇති අතර මීට අමතරව ඩොලරයේ වටිනාකම රුපියල් 275 ඉක්මවා තිබෙනවා. මේ නිසා කිරිපිටි ආනයන කටයුතු පාඩු ලබමින් සිදු කිරීමට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here