කිරිපිටි මිල සහනයෙන් රජයට මසකට මිලියන 572 ක පාඩුවක්

0
334

කිරිපිටි මිල ඉහළ දැමීම වැළැක්වීම සදහා පසුගිය 11 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි සමාගම් වෙත බදු සහන ලබාදීම මගින් මාසයකට රුපියල් මිලියන 572 ක ආදායමක් රජයට අහිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යාම සදහා රජයේ කැපවීම මේ තුලින් වඩාත් තහවුරු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කිරිපිටි මිල සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ අවස්ථාවේ විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here