Monday, January 13, 2025

කිරිපිටි හිඟය පෙබරවාරි මැද දක්වා

දැනට පවතින කිරිපිටි හිගය පෙබරවාරී මැද දක්වා පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම ඊට හේතුව වන අතර මෙලෙස ණයවර ලිපි විවෘත කිරීම සඳහා අදාල බැංකුවලින් විමසූ විට ඩොලර් නොමැති බවට ඔවුන් සඳහන් කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ශ්‍රී ලංකාවේ මසක කිරිපිටි අවශ්‍යතාවය ටොන් 6,000ත් 7,000ත් අතර වනවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30ක්. සාමාන්‍යයෙන් සතියකට වරක් කිරිපිටි රැගත් නෞකාවක් මෙරටට කිරිපිටි රැගෙන එනවා.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ කිරිපිට රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන්නේ මේ මස අවසන් සති දෙක තුළයි. එම නෞකාව මෙරටට පැමිණියද කිරිපිටි හිගය අවසන් නොවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෙළදපොලේ ආනයනික කිරිපිටි නොමැති තත්ත්වයක් පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles