කිරි තේ 70යි, බනිස් 50යි, ප්ලේන්ටි 30යි

0
417

ගෑස්, කිරිපිටි, තිරිගු පිටි ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලාවල ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කිරි තේ කෝප්පයක් රුපියල් 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්ලේන්ටිය රුපියල් 30 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝල්ස් එකක් රුපියල් 60 කට, බිත්තර රෝල්ස් එකක් රුපියල් 65 කට, බනිස් රුපියල් 50ක ඉහළ මිලකට අලෙවි වෙමින් තිබේ.

කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් අලෙවි වන්නේ රුපියල් දෙසීය ඉක්මවූ මිලකටයි.

එළවළු බත් පැකට්ටුවක් රුපියල් 160ක්, මාළු බත් පාර්සලයක් රුපියල් 180ක්, කුකුළු මස් බත් පැකට්ටුවක් රුපියල් 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here