කිලෝවක් ලක්ෂ අටයි. රටේම ණය ගෙවන්න පුළුවන් අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න…

0
309

ශ්‍රී ලංකාවේ ණයබර පවා මුළුමනින්ම ගෙවා දැමිය හැකි ඛනිජ සම්පත් රැසක් මෙරට පිහිටා තිබේ. ඒවායේ වටිනාකම නිසි පරිදි ලබාගැනීමට නොහැකිවීමේ කරුමයකට මේ රට මුහුණ පා සිටී.

ග්‍රැෆීන් යනු එවැනි කතාවකි. ලෝකයේ ග්‍රැෆීන් හඳුන්වන්නේ “වොන්ඩර් මෙටීරියල්“ කියායි.

ශ්‍රී ලංකාවේ පිරිසිදු මිනිරන් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කර ගෝලීය වෙළෙඳපොළට අලෙවිකිරීම සඳහා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව සිදුකරන ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක අදියරකට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් එක් ග්‍රැෆීන් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ 08 ක් පමණ උපයාගත හැකියැයි අනාවරණය වේ.

මේ නිසා, සියවස් ගණනාවක් තුට්ටුවට දෙකට අලෙවිකළ ශ්‍රී ලංකාවේ මිනිරන් අති දැවැන්ත මුදලකට ගෝලීය වෙළෙඳපොළට අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාව මෙහි දැක්වෙයි.

https://www.youtube.com/watch?v=N-V2pjKPf80&t=4s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here