කිව්වේ සතියකට වහන්න කියලා – ඒත් මාසයක් වැහුවා – සමන් රත්නප්‍රිය

0
362

වෘත්තීය සමිති ලෙස තමන් ඉල්ලා සිටියේ සතියකට පමණක් රට වැසීමට බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව රජය මාසයයි සතියක කාලයක් රට වසා දමා තිබූ බවත් එවැනි දීර්ඝ වසා දැමීමක් බලාපොරොත්තු නොවූ බවයි ඔහු සඳහන් කළේ.

රට දීර්ඝ කාලයක් වසා දැමීම තුළින් රටේ ආර්ථිකය කඩා වැටෙන බවත් දෛනික ආදායම් ලබන මිනිසුන්ගේ ජීවන තත්ත්වය තවත් පහළට වැටෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් රට විවෘත කළ පසු පනවන ලද සීමා සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතින බවයි සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here