‘කිවිවෙ නෑ කියන්නේ අමූලික බොරැ…යුගදනවි දුන්නේ කැබිනට් පත්‍රිකාවක් දාලා’ – ප්‍රසන්න විමල්ට උත්තර දෙයි

0
413

ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් පවසන පරිදි කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට නොදැන්වූ බව කියන ප්‍රකාශයන් “සම්පූර්ණ බොරුවක්” බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා ‌පෙන්වා දෙන්නේ අදාළ ගිවිසුම පිළිබඳව තොරතුරු කැබිනට් මණ්ඩලයට ගෙනවිත් පසුව ඊට අත්සන් තැබූ බවකි.


“LNG එක ගෙනාපු එක දීපු ගැන පැහැදිලිව කැබිනට එකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් එකට ගෙනාපු ඒ පත්‍රිකාවට සියලු දෙනාම එකඟ වුණා. ජනාධිපතිතුමා මේකේ තියන ආර්ථික වටිනාකමත් රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කව්රුවත් කතා කළේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා” යි රණතුංග මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here