තමන්ද නියෝජනය කරන වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ජනතාවට ලබා දුන් පොරොන්දුවක් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මතක් කර දෙනවා.
ඒ කිසිදු දේශීය සම්පතක් විදේශ සතු කරන්නේ නැති බවට දුන් පොරොන්දුවයි.
ජනතාවගේ බලාපොරොත්තුව
එම පොරොන්දුව නිසා රටේ සම්පත් අපි විසින්ම වැඩි දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යන ගමනකට මේ ආණ්ඩුව යනු ඇති බවට ආන්ඩුව බලයට ගෙන ආ ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.
එසේ නැතිව වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න ජනතාව බලය නොදුන් බවත් වික්‍රමනායක මහතා අවධාරණය කරනවා.
අපේ රටේ සම්පත් අපේ රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා පමණක්ම තිබිය යුතු බව තම විශ්වාසය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඉහත සඳහන් අදහස් ඔහු පළ කර තිබුණේ ගාල්ලේ පැවති මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.