Friday, January 10, 2025

කුණුවලින් පිරුණු කුණු වූ රටක් බවට පත් කරලා

 සුරංගනා කතා රැසක් කියමින්, ජනතාව රවටා 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද මේ රට කුණුවලින් පිරුණු කුණු වූ රටක් බවට පත්කර තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
 අද (18) පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ චෝදනාකර සිටියේය.
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
      ‘‘සුරංගනා කතා රැුසක් කියමින් ජනතාව රවටා 2015 ජනවාරි 08 වැනිදා බලයට ආපු මේ ආණ්ඩුව අද මේ රට බරපතළ ව්‍යසනකාරී ඉරණමකට ඇද වට්ටලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ රට ඇද වැටී ඇති ඉහත කී ව්‍යසනකාරී ඉරණමෙන් ගොඩගැනීමට අබමල් රොනකවත් උත්සාහයක්  නෙෙගෙන තමන්ගේ සුඛවිහරණය සඳහා වැඩ කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.
 ‘කුණුවලින් පිරුණු – කුණු වුණු රටක්’
 ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය ලෙසට විරුදාවලිය ලැබූ, එමෙන්ම පිරිසිදු බවේ සංකේතයක් බවට පත් වූ කොළඹ නගරය පමණක් නොවෙයි, තදාසන්න ප‍්‍රදේශවල හැම නගරයක්ම අද වන විට කුණුවලින් පිරුණු තත්වයකට පත් වෙලා. කුණු වලින් පිරුණු- කුණු වුණු රටක් බවට අද මේ රට, මේ අෘණ්ඩුව විසින් පත්කර අවසන්. කුණු කඳු කඩා වැටිලා මිනිසුන්ගේ ජීවිත, දේපළ විනාශ වෙනවා පමණක් නොවෙයි මේ රටේ නගර, කුණු කඳු බවට පත්කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා. රටක් භාරගත්තා නම් අඩු තරමින් පිරිසිදුකමේ වගකීම හෝ ගන්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න  ඕනෙ.
 පළාත් පාලන මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතන අද නිලධාරී පාලනයකට යටත් කොට තිබෙනවා. ඒ නිලධාරී පාලනය මගින් පළාත් පාලන ආයතනවල විය යුතු යුතුකම සහ වගකීම පැහැර හරින තත්වයකට පත් කරලා මේ ආණ්ඩුව ‘බකංනිලා’ ගෙන ඉන්නවා. අන්තිමේදී ‘හමුදාව දාලා මේ කුණු ඉවත් කරන්න’ කියන තත්වයට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් පත්ව සිටිනවා.
 දැන් බලන්න අරනායක සාමසර කන්ද නාය යාමෙන් විපතට පත් වූ ජනතාව අදටත් තාවකාලික ටෙන්ට් කූඩුවල ජීවත ගෙවනවා. මේ ස්වාභාවික ආපදාව සිදු වෙලා දැන් වසරකටත් වැඩියි. එහෙම තියෙද්දි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇමති පට්ටම්, සුඛෝපභෝගී වාහන ලැබෙනවා.
 ඒ විතරක් නොවෙයි, දැන් ඩෙංගු රෝගය දිනෙන් දින බරපතළ ලෙස පැතිරෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීම නිසා සිදු වූ බරපතළම හානිය තමයි මේ රටේ ජනතාව ඩෙංගු අවදානමට ලක්වීම. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා නම් කියන්නේ ‘සංවර්ධනයත් සම`ග ඩෙංගු රෝගය මේ විදියට ව්‍යාප්ත වෙනවා’ කියලයි. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවුණු රටවල් ලෝකයේ දුප්පත්ම රටවල් වෙන්න  ඕනෙ. (මාධ්‍යවේදීන්ගේ සිනා* සංවර්ධන දර්ශකවල ඉදිරියෙන්ම සිටින බොහෝ යුරෝපා, ස්කැන්ඩිනේවියානු රටවල් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොව රටවල්. මෙවැනි තකතීරු -අමන-මරි-මෝඩ කතාවලින් මේ සැබෑ ව්‍යසනය වසා දමන්නට බැහැ.
 ‘ඩෙංගු රෝගීන් ඇඳන් යටට දමලා බොරු පම්පෝරි ගහනවා’
 මේ වන විට ඩෙංගු රෝගීන් 61,000කට වැඩි බව වාර්තා වී තිබෙනවා. ගෙවී ගිය මාස 06 තුළ පමණක් ඒ හේතුවෙන් 200ක් මිය ගොස් තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් ඇතැම් රෝහල් පිරිලා. ඇඳන් උඩ පමණක් නොවෙයි, අද ඇඳන් යට රෙදි කැබැල්ලක් එළාගෙන ඩෙංගු රෝගීන් අසරණව සිටිනවා. මේ ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප‍්‍රතිලාභ ලබන අහිංසක මිනිසුන් අද ඇද දමලා තිබෙන්නේ එවැනි ඉරණමකට. එහෙම තියෙද්දි ඇමෙරිකාවෙන් ප‍්‍රතිකාර ලැබූ අගමැතිවරයා කියනවා. ‘ඇමෙරිකාවේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල තිබෙන සුපිරි පහසුකම් මේ රටේ සෑම ඇමතිවරයකුටම ලබා දීමට කටයුතු කරනවා’ කියලා. තමන් කිසිම සංවේදීතමක් නොමැති ආණ්ඩුවක් බව අද මේ මෛත‍්‍රී -රනිල් හවුල විසින් පෙන්වා දී තිබෙනවා. එදා යුද සමයේදී සටන්වලදී තුවාල ලැබූ රණවිරුවන් බැලීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගියා වගේ වත්මන් ජනාධිපතිවරයා අද ඩෙංගු රෝගීන් බලන්න යනවා. ‘ඩෙංගු රෝගීන්ගෙන් මේ රටේ උණ රෝහල් පුරවලා ඇතැම් අහිංසක රෝගීන් ඇඳන් යටට දමලා තියෙද්දි මෙවැනි බොරු මාධ්‍ය සංදර්ශන පෙන්වන්න එපාෟ’ කියා අපි මේ අයගෙන් ඉල්ලනවා. පළාත් පාලන මැතිවරණය පවත්වලා, පළාත් පාලන පාලන ආයතන සක‍්‍රිය තත්වයට පත් කළාම සැබෑ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් තේරී පත්වන ඒ මහජන නියෝජිතයන් ඒ ඒ ප‍්‍රදේශවලට අදාළව ක‍්‍රියාත්මක කරාවි.
 දැන් බලන්න, පළාත් පාලන ආයතනවලට අදාළ අණපනත්වල පැහැදිලිව තිබෙනවා, එම ආයතනවල මුදල් වියදම් කළ හැක්කේ ඒවායේ මහජන නියෝජිතයන්ගේ අනුමැතිය සහිතව බව. අද පළාත් පාලන ආයතනවල මුදල් වියදම් කරන්නේ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීවාදී පාලනයක් මගින්. එය නීතිවිරෝධියි. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ වහාම මහජනතාවගේ බදු මුදල් එසේ නීතිවිරෝධි ලෙස පරිහරණය කරන එක නතර කරන එකයි. දැන් කියනවා ‘ඩෙංගු ව්‍යාප්තිය වැඩි වුණේ ගංවතුර නිසයි’ කියලා. ඒකත් බොරුවක්. ගංවතුර තත්වයට මුහුණු නොපෑ දිස්ත‍්‍රික්කවලත් ඩෙංගු අවදානම බොහෝ ඉහළ ගොස් තිබෙනවා.
 ‘අපට ආණ්ඩුවක් තියා සියඹලාආණ්ඩුවවත් පාලනය කරගන්න බැහැෟ’
 මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සිදු වූ ස්වාභාවික ආපදා හේතුවෙන් දේපළ හානි වූ පවුලවලට නිසි ලෙස වන්දි මුදල් ගෙවීම පැහැර හැර තිබෙනවා. ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් කිසිවක් නොකරපු මේ ආණ්ඩුව තමන්ගේ ගෝලබාලයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් කටයුතු කරන ආකාරය ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. සමහර අමාත්‍යාංශ වෙනුවෙන් ගොඩනැගිලි කුලියට අරන් කෝටි ගණනින් මුදල් ගෙවනවා. නමුත් අමාත්‍යාංශ තවම පරණ තැන. සමහර ඇමතිවරුන් ඉන්නවා, ‘තවම කාර්යාල නැහැ’ කියමින් කෙඳිරි ගාන. අද මේ ආණ්ඩුව ලංකා ඉතිහාසය තුළ බිහි වූ අබල – දුබල – අංග විකලම ආණ්ඩුව බව ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා අද මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාත් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් පෙන්වා දී තිබෙනවා.‘අපට ආණ්ඩුවක් පාලනය කිරීම නොවෙයි, අඩුම තරමින් සියඹලාආණ්ඩුවත් පාලනය කරන්න බැහැ’ කියලා. කටමැත දෙඩවිල්ල හැර මේ රටේ ප‍්‍රශ්නයකට කිසිදු පිළිගත හැකි පිළිතුරක් මේ අෘණ්ඩුව ලබා දී නැහැ.
 ‘ලොකුම හොරා තවමත් නිදැල්ලේ’
 නිතියේ ආධිපත්‍යය අද බිඳ වැටී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ සිදු වූ විශාලතම හොරකමට චූදිතයා වූ අර්ජුන මහේන්ද්‍රන් තවමත් නිදැල්ලේ හැසිරෙනවා. සිංගප්පුරු ජාතිකයකු වූ ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රයවත් තවමත් අධිකරණය භාරයට ගෙන නැහැ. අගමැතිවරයා කියනවා ‘අර්ජුන මහේන්ද්‍රන් හොරෙක් වෙන්නේ අධිකරණයෙන් වරදකරුවකු වුවහොත් පමණයි’ කියා. එහෙම නම් පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකුට යහපාලන නඩය ‘හොරා – හොරා’ කියලා කෑගැහුවේ ඒ අය අධිකරණයෙන් වරදකරුවන් කරලාද? මේකෙන් පෙනෙනවා මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත. 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව, පාලන බලය ලබා දුන්නේ දශමයකවත් සාර්ථකත්වයක් මේ රටට හිමිකර දීමට බැරි ‘රැුලකට’යි.
 මොන දේ බැරි වුණත් මේ ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන වැඬේ නම් ඉදිරියට ගෙන යානවා. රාජ්‍ය නොවන සංවිධානවලින්, තානාපති කාර්යාලවලින් නැටවෙන, ඩොලර්වලට තම ආත්මය පාවා දුන්නු මිනිස්සු රොත්තක් එකතු වෙලා අගමැති රනිල් වික‍්‍රමසිංහ මගින් බෙදුම්වාදය පිනවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුතු  ලහිලහියේ කරගෙන යනවා. මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව හදන වැඬේට, රණවිරුවන් දංගෙඩියට යවන ජීනිවා මෙහෙයුමට, දෙමළ ඩයස්පෝරාව – බටහිර රටවල්- ඉන්දියාව පිනවන මෙහෙයුමට සම්පූර්ණ බර දීලා තිබෙන මේ ආණ්ඩුව, ජනතාව විඳින දුකෙන් ගොඩගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ.
 අද බඩු මිල අහස උසට නැගලා. තුන්වේල කන්න නැතිව අසරණ ජනතාව අහස දෙස බලාගෙන හූල්ලනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා. රුපියල හොඳටම බාල්දු වෙලා. ආර්ථික වර්ධන වේගය හොඳටම අඩුවෙලා. නිල සංඛ්‍යාලේඛන අනුව එය 3.5%ට කඩා වැටිලා. ඒත් ඇත්ත අගය 2%ටත් අඩුයි. පෞද්ගලික අංශයත් කඩා වැටිලා. රැකියා වියුක්තිය වැඩිවෙලා. මේ කිසිම ගැටළුවකට විසඳුමක් නැති, සුරංගනා කතා කියන තක්කඩි රැුලක් අතට තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ රට පත් වුණේ.
 ‘මහ ඡන්දයත් කල් දමන්න බලනවා’
 ඉහත කියූ ව්‍යවස්ථා වෙනස කරලා එතැන් සිට තවත් අවුරුදු 05කට මේ රටේ පාලන බලය තමන් අත තියාගන්න පුළුවන් කියන මිත්‍යා මතය මේ ආණ්ඩුව දැන් පතුරවමින් සිටිනවා. ජනතා අප‍්‍රසාදය නිසා පළාත් පාලන ඡුන්දය කල් දැමූ මේ තක්කඩි රැුල  දැන් මහ ඡන්දයත් කල් දමන්නයි බලන්නේ. නමුත් මේ ව්‍යසනය හමුවේ හීන් කෙඳිරියක්වත් න`ගන්නේ නැති තත්වයකට මේ ආණ්ඩුවට අනුබද්ධ නිල විපක්‍ෂය අද පත්ව තිබෙනවා.
 මංගල සමරවීර ඇමතිවරයා දැන් කියන මොන දේ බොරු වුවත් ඔහු ඉතිහාසයේ කියපු එක දෙයක් නම් අද ඔප්පු වී තිබෙනවා. මංගල සමරවීර එදා ඉතා ප‍්‍රබලව කියූ දෙයක් තමයි ‘රනිල්ට බැහැ’ කියන එක. ‘ඇත්ත තමයි රනිල්ට මොනවත් බැහැ’ කියලා අද ඔප්පු වෙලා තිබෙනවා. ‘ඒ කියපු දෙයට නම් මංගල සමරවීරගේ කටේ මසුරන් දාන්න වටිනවා’ කියලයි අද කියන්න වෙන්නේ’’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles