කුමන හේතුවකටවත් භාණ්ඩ හිඟ වීමට අයුතු ලෙස මිල නැංවීමට ඉඩ දෙන්න එපා – ජනාධිපතිගෙන් බලධාරීන්ට උපදෙස්

0
276

කිසිදු හේතුවක් නිසා වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (7) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම භාණ්ඩවල මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට කිසිවකුටත් ඉඩ නොදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාට දැනුම් දුන්නේය. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ හතරකට පනවා තිබූ පාලන මිල ගණන් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගනු ලැබිණි. වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය පිටු දැක මහජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම පිණිස ආණ්ඩුව මේ පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව ඉදිරියේදී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ අසාධාරණ මිල ඉහළ දැමීමක් සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here