Monday, September 23, 2024

අනංග වල්ගම ගොනාට අදියි

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම 2016/06/04 දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නිපුනතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. 
 
මෙම උත්සව අවස්ථාව ආරම්භයේ සිටම එය කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව කුමාර වල්ගම නැමති චෞර මහින්දගේ බැලයා බීමත් පිරිස් යොදවා තිබුණි. එම අවස්ථා සදහා වල්හමටද ආරාධනා කර තිබූ අතර උත්සවය ආරම්භයේ සිටම ඔහුද එම අවස්ථාවට සහභාගී විය.
 
වල්ගම යොදවා සිටි බත් බැලයෝ පිරිස උත්සවය ආරම්භයේ සිටම එයට නොගැලපෙන හා අශීලාචාර ලෙස හැසිරිමින් වල්ගමගේ නම කියමින් ආවඩන්නට විය.
 
මෙහිදි සභාව ඇමතීමට වල්ගමට අවස්ථාවක් දුන් අතර එහිදී මෙම ශ්‍රවණාගාරය ඉදි කිරීම තමන්ගේ සංකල්පයක් බවත් මුල් ගල තැබුවේ තමන් බව කීවේය.එනිසා සමරුඵලකයේ වල්ගමගේ නම නොතිබූ නිසා හොඳටම කිපී උම්බෑ කියන්නට විය. ශ්‍රීලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ එම සමරුඵලකය ගලවා විසි කරන බවට ගුගුළේය.
 
මේ සඳහා වැය කළේ වල්ගමගේ පෞද්ගලික මුදල් නොව රජයේ මුදල්‍ ය. රජයේ මුදල් යනු මහජනතාවගේ මුදල් ය. වල්ගම තමන්ගේ දේශපාලන ගමනේ ඉතිහාසය ගැනද කියන්නට විය. පරිනත දේශපාලකයෙක් නම් මේ ආකාරයේ වෘෂභ හැසිරීම් කරන්නේ නැත. 
 
මහින්දගේ හොර නඩයට අවශ්‍ය කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය ගැන කියමින් බෝඩ් ගසා ගන්නටය. වල්ගම කතාව අවසන් කළ පසු යොදවා සිටි බත් බැලයින්ගේ උවමනාව මත ඉන් පිටව ගියේය. මහින්ද සමරසිංහ හා වජිර අබේවර්ධන අමාත්‍යවරුන්ගේ කතා ඇසීමට සිටියේද නැත. එම අමාත්‍යවරුන් දෙපළම වල්ගමට ඇඩෙන්නට නොව දුවන්නට කතා කළේය. වජිර අමාත්‍යවරයා පැවසුවේ 2001 රනිල් වික්‍රමසිංහ රජයේදී දකුණු අධිවේගී මර්ගයට තැබූ මුල් ගල් මහින්දගේ පාලන සමයේදී ගලවා විසිකළ බවත් මේ මුදල් දේශපාලකයින්ගේ බූදල් නොවන බවත්‍ ය.   
Attachments area

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles