කුලී රථ මනු සවි කිරීමේ වැඩසටහන නැවත දැනුම් දෙන තුරු කල්දමයි

0
282

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ කුලී රථ සඳහා මනු සවි කිරීමේ වැඩසටහන නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට පියවර ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් ලැබුණු උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

එළඹෙන පෙබරවාරි මස පළමු වන දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි කුලී රථ සඳහා මනු සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here