කුෂිනගර් වඩින්න හිටියේ සාමණේ හිමිවරුන්.. ඔවුන් කපා අනු නායකලා එක්ක ගියා.. මේක පාපයක්..

0
528

ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට තෝරා ගෙන තිබුණේ දිස්ත‍්‍රික්කයකින් දෙනම බැගින් සාමණේර හිමිවරුන් හා ඔවුනගේ දෙමාපියන් බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දළුවැටියේ බුද්ධරක්ඛිත හිමියෝ කියා සිටිති.
නමුත් එම තෝරාගත් පිරිස කපා දමා අනුනායක හිමිවරුන් අදාළ සංචාරය සඳහා රැගෙන ගිය බව උන්වහන්සේ කියා සිටිති.


ඉන්දීය චාරිකාව යාම සඳහා සාමණේර හිමිවරුන් ගුවන් ගමන් බලපත්‍ර පවා සාදා විශාල වියදමක් දරා තිබුනු බවත් උන්වහන්සේ සඳහන් කරති.
මෙම කටයුත්ත බරපතළ ප්‍රශ්නයක් වන්නා සේම හා පාපයක් යයිද උන්වහන්සේ කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here