කුසල් ජනිත් සටනට…….!

0
379

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සදහා එක්වන එක්දින කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා. ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ අනුමැතිය හිමිව ඇති එම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා පත් කර ඇති අතර උප නායකයත්වය ලබාදී ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි. චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. 

ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර සහ වනිදු හසරංගද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ ලක්ෂාන් සදකැන්ටද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වනදා බංග්ලාදේශ බලා පිටත්ව යාමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 23 වනදා ඩකා හිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here