කුසේ සිටින දරුවා පිරිමි දරුවෙකු කිරීම⁣ට මවගේ හිසට ඇණ ගසයි

0
630

මිත්‍යා මතයක් හේතුවෙන් ගැබිනි කාන්තාවකගේ හිසට ඇණයක් ගැසූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පාකිස්තානයේ පේෂාවර් ප්‍රදේශයෙනි.

එහිදී පිරිමි දරුවෙක් බිහිකිරීම සහතික කිරීමේ අරමුණ පෙරදැරිව ආගමික විශ්වාසයකට අනුව මෙලෙස එම කාන්තාවගේ හිස් කබලට ඇණය ගසා ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම කාන්තාව දැඩි වේදනාවක් ඇතිවීමත් සමඟ පවුලේ සාමාජිකයින් විසින් ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ආගමික සුවකරන්නාගේ සහාය ඇතිව ඇයගේ කුසේ සිටින බිලිඳිය පිරිමි දරුවෙක් කරගැනීමට හැකි බව හිතමිතුරන් විසින් පැවසීමත් සමඟ ඇය මෙලෙස අදාළ පුද්ගලයා ලවා හිසට ඇණයක් ගසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙවැනිම මිත්‍යා දෘෂ්ඨික ඇදහීමක් හේතුවෙන් පසුගිය දිනෙක මෙරට වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකුටද දිවි අහිමි වුණ පුවතක් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here