කුළුඳුල් ෆයිසර් තොගය එද්දි යුද හමුදාව රටපුරා එන්නත්කරණය අරඹයි…

0
392

පළමු වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එම එන්නත් මාත්‍රා 26,000 මෙරටට ලැබී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.

මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා තුළ එම එන්නත් තොගය ගබඩා කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here