කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කළ කන්ටේනර් 40ක් හමුවේ!

0
302

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික බාස්මතී සහල් තොගයක් හඳුනාගෙන තිබේ.
පුද්ගලික ආනයනකරුවෙකු විසින් පකිස්ථානයෙන් ආනයනය කරන ලද බාස්මතී සහල් කන්ටේනර 40ක් මෙලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇත.
එම සහල් තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ඉන් කන්ටේනර 09ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂාකර එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
මේ ආකාරයට තවත් සහල් තොග වරායේ ඇත්දැයි සොයා බැලීමට කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here