කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්විය යුතුයි

0
529

පොහොර අර්බුදයෙහි වගකීම බාරගෙන මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමැතිවරයා වහාම එම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

එසේම පොහොර අර්බුදයට මග පෑදූ තීන්දු ගත් කැබිනට් මණ්ඩලයද මේ ප්‍රශ්නයට වගකිවයුතු බව මන්ත්‍රීවරයා කීවේය.

රටේ අර්බුද රැසක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා විදේශයට ගොස් සිටීම ගැටළු සහගත බව පැවසූ රහුමාන් මහතා ඔහු වහා මෙරටට පැමිණ ජනතාවගේ මෙම දැවෙන ප්‍රශ්න විසඳිය යුතු බවද පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here