Saturday, January 11, 2025

කෘෂිකර්ම ඇමති සිංහල රාවය සහ රාවණා බලය සමග සාකච්ඡාවක

මෙරට ඇත්ත, යුක්තිය, හරිදේ වෙනුවෙන් පෙනී සිටින බොරුව, වංචාව, අයුක්තිය ඉදිරියේ හඬනගන සිංහල රාවය සහ රාවණා බලය සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යාලයේදී සාකච්ඡාවක් සඳහා සහභාගීවුණා.

සිංහල රාවය සංවිධානයේ මහ⁣ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ, රාවණා බලය සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුළු එම සංවිධානවල ස්වාමීන්වහන්සේලා පිරිසක් මෙම අවස්ථාවට වැඩමකළා.

රජය විසින් ගෙනයනු ලබන වස විසෙන් තොර කාබනික කෘෂිකර්මාන්ත ක්‍රියාන්විතය සඳහා සිය සංවිධාන වල පූර්ණ සහාය ලබාදීමට උන්වහන්සේලා වැඩම කළ බව එහිදී ප්‍රකාශ කළා.

උන්වහන්සේලාගේ කාබනික කෘෂිකර්මාන්තය සඳහා වූ යෝජනාද මාවෙත ඉදිරිපත් කළ අතර බහුජාතික සමාගම් සහ අවස්ථාවාදී පටු දේශපාලන බලවේග විසින් ගොවිජනතාව නොමග යවමින් සිදුකරන වැඩපිලිවෙල පිළිබඳවත් කාබනික කෘෂිකර්මාන්තයේ වැදගත්කම පිළිබඳවත් ගෙවිජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කරන බව ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles