Thursday, January 16, 2025

කෘෂිකර්ම ලේකම් අයින් කරන්න මොහොතකට කලින් මාධ්‍යයට කියපු ආන්දෝලනාත්මක පොහොර කතාව!

‘සෞභාග්‍යයේ දැක්ම’ හදද්දි මමත් හිටියා! ‌රසායනික පොහොර තහනම් කරපු විදිහ වැරදියි! කෘෂිකර්ම ලේකම්ගෙන් අමුතු කතාවක්!


උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස්ගේ ඉක්මන් තීරණ හමුවේ කාබනික වැඩපිළිවෙළ යම් අර්බුධකාරී තත්වයකට පත් වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්මට අනුව මෙරට කෘෂිකර්මය කාබනික කිරීම සඳහා වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබුණත් මෙම වැඩපිළිවෙල නිසා අර්බුධ මතු වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

නිසි ක්‍රමවේදයට අනුව නියමිත කාල සීමාවකින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම වැඩසටහනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත්ව කටයුතු කළ උපදේශකයන් කිසිවෙකු හෝ මේ වන විට සොයා ගැනීමට පවා නොහැකි බව ද ඒ මහතා සඳහන් ‌පෙන්වා දී ඇත.

මෙහිදී තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ලේකම්වරයා මෙසේද කීය.

“මේ වන විට ප්‍රචාරයක් යනවා රසායනික පොහොර ගෙන ඒම සඳහා අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ නෑ කියලා. මේක අමූලික බොරුවක්. මේ රටේ රසායනික පොහොර ගෙන්වන ආයතන 120ක් පමණ දැනුවත් කරලා අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිසි ක්‍රියා මාර්ග වලට අනුව කටයුතු කරලා ඉල්ලුම් කරන අයට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ගෙන ඒම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබෙනවා. කිසිවෙක් හෝ ඒ සඳහා අවසර නොලද බවට ප්‍රකාශ කරනවා නම් අපි අභියෝග කරනවා ඒ අයට අප හමුවට ඇවිල්ලා ගැටලුව ඉදිරිපත් කරන ලෙසට. වරදක් වෙලා තියෙනවා නං අපි ඒක නිවැරදි කරනවා. මේ ලියාපදිංචි වූ අයත් පොහොර ගෙනෙන කොට කොහොමත් මාස දෙකක්, දෙකහමාරක් කාලය යනවා. ඒ ඇරෙන්න අපේ පැත්තෙන් කිසිම පරක්කුවක් කරලා නෑ. අනෙක් අය එක්ක තරඟ කරලා මේවා කරන්න බැරි අය මොනවා හරි කියවනවා ඇති.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles