කෘෂි අර්බුදය පිළිබඳ සාකච්ඡාවක් දෙන්න

0
290

පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියට අත්සන් කර ඇති ආචාර්ය හා මහාචාර්යවරුන් සංඛ්‍යාව 141 කි.

රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා මෙන්ම වත්මන් රජයේ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ද ඔවුන් එම ලිපියෙන් ජනාධිපතිවරයාට පවසා ති‌බේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ, එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඒ සඳහා වේලාවක් වෙන් කරවා ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here