Saturday, September 28, 2024

කෘෂි බීජ ආනයනය නවතා දැමීමට පියවර

දෙමුහුන් බීජ නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කඩිනමින් නිම කර පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන මෙරටට අවශ්‍ය සියලු බීජ මෙරටේ නිෂ්පාදනය කර ගැනීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් හා පෞද්ගලිකව බීජ ආනයනය කරන්නන් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

බීජ ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 2000ක් පමණ වැය වන බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වි තිබේ.

මාළු මිරිස් බීජ ග්‍රෑම් සියයක් සඳහා රුපියල් 1330 ක් ලීක්ස් බීජ ග්‍රෑම් සියයකට රුපියල් 2300ක් හා බීට් ග්‍රෑම් 400කට රුපියල් 4000ක් පමණ වැය කිරීමට සිදුවන බවත්, මෙරට ගොවීන්ට එය දරාගත නොහැකි වියදමක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

බෝග වර්ග 28ක බීජ මෙරටට ආනයනය කරන බැවින් එම බීජ සියයට සියයක්ම 2024 වන විට මෙරටේදී නිෂ්පාදනය කර ගැනීම සඳහා කාල රාමු සහිතව සැලසුම් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබාදුනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles