Friday, September 20, 2024

කෙටි කාලයකට රට වැහුවට ආර්ථිකය වැටෙන්නේ නෑ – හර්ෂ ද සිල්වා

කෙටි කාලයකට රට වසා තැබීමෙන් රටේ ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙනවා.

ආර්ථිකයට යම් බලපෑමක් සිදුවුවහොත් එය යථා තත්වයට පත්කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ඇති බැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සදහා වැඩි අවධානයක් යොමුකරන ලෙසයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හර්ෂද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගන්නා වැරදි තීරණ හමුවේ අදවනවිට ජනතාව කබලෙන් ලිපට වැටී ඇති තත්වයකට පත්ව ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

මහජනතාව ස්වයං තීරණ ගනිමින් කඩ සාප්පු වසා තබමින් නගර හුදකලා කර තැබීමට ගෙන ඇති තීරණය පිළිබදවද හර්ෂද සිල්වා මහතා මෙහිදී අදහස් දැක්වුවා.

ආණ්ඩුවේ ක්‍රියාකළාපය පිළි නොගැනීමට ජනතාව සූදානම් නොමැතිවීම හමුවේ මෙවැනි තත්වයක් උද්ගතව ඇති බවත් අදවනවිට ආණ්ඩුවේ බලය හීන වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

තවදුරටත් මෙවැනි තත්වයක් පැවතුනහොත් රට අරාජික තත්වයකට පත්වනු ඇති බවටයි හර්ෂ ද සිල්වා මහතා අනතුරු අගවා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles