කෙන්යාවේදී ලංකාවේ කීර්තිනාමයට හානිකළ පරිසර නිලධාරිනිය

0
328

පසුගියදා කෙන්යාවේ පැවැති එක්සත් ජාතීන්ගේ 5 වැනි පාරිසරික සමුළුවට ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ පරිසර අමාත්‍යාංශයේ නිලධාරිනියගේ හැසිරීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි කර වූ බවට එරට ශ්‍රී ලංකා තානාපතිවරයා පරිසර ඇමැතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වෙනවා.

මේ නිලධාරිනිය සමුළුවේ ආරම්භක සැසිවාරයටද සහභාගි වී නැතැයිද රටේ අනන්‍යතාවයට ගැළපෙන ඇඳුමකින් සමුළුවට සහභාගි වී නැතැයිද තානාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්වෙන බවද වැඩිදරටත් දැනගන්නට ඇත.

මේ නිලධාරිනියගේ ක්‍රියාකලාපය ගැන විනය පියවරක් ගන්නැයි තානාපතිවරයා දැනුම්දීමක් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here