Friday, September 20, 2024

කෙන්යාවේ දැඩි නියං තත්තවය නිසා ජිරාෆ්වරුන් 4000 ක් වඳවීයෑමෙි තර්ජනයක

කෙන්යාවේ උතුරු ප්‍රදේශයට සැප්තැම්බර් මාසයේ සිට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා 30% පමණ අඩුවෙන් ලැබීම නිසා එම කලාපය දැඩි නියගයකට හසු වී ඇති බව වාර්තා වෙනවා. සතුන්ට බීමට ජලය ලබා ගැනීමට නොහැකි වීමෙන් ගරිස්සා ප්‍රාන්තයේ ජිරාෆ්වරුන් 4000ක් වද වී යෑම් තර්ජනයට ලක් වී ඇත. 

මෙි ආහාර හා ජල හිඟය උග්‍ර කර ඇති අතර හද කම්පා කරවන ඡායාරූප කිහිපයක්ද විදෙස් මාධ්‍ය නිකුත් කර තිබුන අතර එයින් පෙන්වන්නේ කෙන්යාවේ නියඟය එරට ජිරාෆ් ගහනයට බලපා ඇති ආකාරයයි.

මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ ආහාර හා ජලය නොමැතිකම නිසා දුර්වල වූ ජිරාෆ්වරුන් “ඒ අසල ඇති සිඳී ගිය ජලාශයකින් බීමට උත්සාහ කිරීමේදී මඩේ සිරවී” මිය යාමෙන් පසුව බව වාර්තා වේ.

ගං ජලය ගොවිතැන් කටයුතු නිසා ජිරාෆ් සතුන්ට ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, තත්ත්වය තවත් නරක අතට හැරෙන බවත් වන සතුන් වැඩි වශයෙන් අවදානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජනාධිපති උහුරු කෙන්යාටා සැප්තැම්බර් මාසයේදී නියඟය ජාතික ව්‍යසනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, කෙන්යාවේ ජාතික නියඟ කළමනාකරණ අධිකාරිය පසුගිය සතියේ නියඟයෙන් පීඩාවට පත් මිලියන 2.5 ක ජනතාවක් සඳහා හදිසි සහන මුදල් හුවමාරු වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles