කෙරවළපිටිය විකුණා අවසන්…! – චම්පික

0
417

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමේ සූදානම පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද අදහස් පළ කළේය.
”සුදානමක් නෙවෙයි, විකුණලා ඉවරයි කෙරවලපිටිය රජයට අයිති බලාගාරය සියයට 40 ක් අමෙරිකානු සමාගමකට විකුණා දැමුවා. ඒ විතරක් නෙවෙයි රටේ ගෑස් සැපයුම පිළිබඳව ස්භාවික ගෑස් සැපයුම පිළිබඳව ටෙන්ඩර් පත් 02ක් කැඳවලා තියෙද්දී අවුරුදු 05 කට ඒ සමාගමට ඒකාධිකාරයක් ලබා දුන්නා. ඉතින් ඒකට අපි තරයේ විරුද්ධයි අමෙරිකා එක්සත් ජනපදයේ වේවා වෙනත් ඕනේ රටක වේවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පටහැනි තනි මතයට එවැනි දෑ කිරීම ගැන විශේෂයෙන්ම බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයා රටට පිළිතුරු දෙන්න ඕනේ හැංගිලා ඉන්න බෑ මේක සම්පූර්ණයෙන්ම රටේ බලශක්ති ක්ෂේත්‍රය විදේශිකයන්ට පාවාදීමක්. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් ඔවුන් කරන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here