කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් මීරිගමින් හමුවේ

0
288

කොටදෙණියාව ප්‍රදේශයේ අතුරුදන් වූ වයස වූ පිරිමි දරුවන් දෙදෙනා මීරිගමදී හමු වූ බව පොලීසිය පවසයි.

එලෙස අතුරුදන්ව සිටියේ, ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන්ය.


පසුගිය නොවැම්බර් 23 වැනිදා අතුරුදන් වූ මෙම දරුවන් පිලිබඳව දින 43ක් තිස්සේ කිසිදු තොරතුරක් ලැබී නොතිබූ අතර ඔවුන් සොයාගැනීමට මහජන සහයද අපේක්ෂා කෙරිණ .

අද පෙරවරුවේ පිරිමි දරුවන් දෙදෙනෙකු මීරිගම නගරයේ වෙලඳසැලක් අසල දී පොලීසියට හමුවූ අතර ඔවුන් දෙදෙනා අතුරුදන් වූ දරුවන් දෙදෙනා බව තහවුරු කරගන්නා ලදී.

එම දරුවන් දෙදෙනා කොටදෙනියාව පොලීසිය වෙත රැගෙන යාමෙන් පසු භාරකරුවන්ට භාරදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here