කොටස් වෙළෙඳපොළෙහි දරුණු කඩාවැටීමක්

0
304

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක 2022 වසරේදී මේ දක්වා සියයට 5.9කින් පහත වැටී ඇති අතර, පෙබරවාරි මාසය තුළ එහි පහත වැටීම සියයට 10.2කි.

ඊයේ (21) දිනයේදී කොටස් වෙළදපොළ මිල දර්ශක වාර්තාගත ලෙස සියයට 5කින් පමණ පහත වැටීමත් සමඟ එහි ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.

ඊයේ වාර්තා වී ඇත්තේ 2020 වසරේ ඔක්තෝම්බර් 5 වැනිදායින් පසු අවම අගයන්ය.

විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය ඇතුළු ආර්ථිකමය කරුණු මෙලෙස කොටස් වෙළදපොළ පහත වැටීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here