Tuesday, December 24, 2024

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,339.28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (28) දිනය අවසන් වනවිට එම අගය වාර්තා කර තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.75 ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරනවා.

කෙසේ වූවද මීට පෙර සමස්ත මිල දර්ශකයේ ඉහළම අගය වූ ඒකක 9,335.98ක අගය පසුගිය 2 දා වාර්තා වුණා.

මේ අතර එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය අවසන් වනවිට ඒකක 3,453.35 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.09ක වර්ධනයක් බවද එම වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙනවා.

ඊයේ (28) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.66ක් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles