Friday, September 20, 2024

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන නැවත වරක් අලුත් වෙයි – සියලු කොටස් ඒකක 8,700 පෙනෙන මානයේ

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,694.35 ක් ලෙසින් වාර්තා වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වේ. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක හෙවත් 2.73% ක වර්ධනයකි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 188.47 ක් හෙවත් 5.69% ක වර්ධනයක් අද දින සනිටුහන් කළ අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 3,500.82 ක් ලෙසිනි.

මේ අතර රු. බිලියන 14.99 ක පිරිවැටුමක් අද දින ගනුදෙනු හරහා ජනනය වී තිබුණි. එක්ස්පෝලංකා (රු.බි. 1.80), LOLC (රු.බි. 1.64) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. බි. 1.12) යන සමාගම්වල සාමාන්‍ය කොටස් ගනුදෙනු දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 126 කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, LOLC , එක්ස්පෝලංකා, මෙල්ස්ටාකෝප් හා ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් පෙරමුණ ගන්නා ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles