කොටස් වෙළෙඳපොළ-සියලු කොටස් ඒකක 8,000 ඉක්මවයි

0
394

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක අගයේ ඉහළම අගය අද (27) දින වාර්තා විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක  8,812.01 ක් ලෙසින් වාර්තා වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 146.19 ක් හෙවත් 1.69% ක වර්ධනයක් වාර්තා කරමිනි.

මේ අතර අද දින රු. බිලියන 14.41 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙහිදී LOLC හෝල්ඩිංග්ස් රු. බිලියන 2.45 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.73 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 1.26 ක් හා රෝයල් සෙරමික් රු. බිලියන 1 ක් වශයෙන් දෛනික පිරිවැටුමට රුපියල් බිලියනය ඉක්මවා දායකත්වයක් ලබාදුන් සමාගම් විය.

අද දින ප්‍රධාන පෙළේ සමාගම් රැසකම කොටස් මිල ගණන්වල කැපී පෙනෙන මිල වර්ධනයක් වාර්තා වීම විශේ්ෂත්වයකි. එහිදී පෙර දිනයට සාපේක්ෂව වැලිබල් ෆිනෑන්ස් 48.33% කින්, LB ෆිනෑන්ස් 37.85% කින්, LOLC හෝල්ඩිංග්ස් 27.93% කින්, වැලිබල් වන් 24.48% කින් හා ලංකා සෙරමික් 22.75% කින් යනා දී වශයෙන් මිල ඉහළ ගිය සමාගම් ලැයිස්තුවේ පෙරමුණේ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here