කොට්ටාව අධිවේගී පිවිසුම වසාදමයි.

0
792

අද (28) උදෑසන 6 සිට නැවත දැනුම්දෙන තුරු කොට්ටාව අධිවේගී පිවිසුම වසා ඇත. මෙය මාර්ග සංවර්ධන අධිකාරියෙ තීරණයකි. ඊට හේතුවී ඇත්තේ පිවිසුම් මාර්ගයේ සේවය කරන සේවකයින් කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව හදුනාගැනීමයි.

නමුත් බස්රථ සහ ගිලන්රථ සදහා පමණක් පිවිසුම විවෘත කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නන් හට පිටවීම සහ අතුරුගිරිය හෝ කහතුඩුව තෝරාගන්නා ලෙස ත්, කොට්ටාවෙන් ඇතුළුවීමේදී ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here