Sunday, January 12, 2025

කොටි තහනම දිගු වෙයි!

2000 අංක 07 දරන එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

මෙරට විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් වරයා විසින් ආදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බවයි.

එක්සත් රාජධානිය තුළ සිය තහනම ඉවත් කරන ලෙස එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එරට තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබේ.

අදාළ තීරණය අනුව යුරෝපා සංගම් කලාපය ඇතුළු රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම එක්සත් රාජධානිය තුළද එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට පත්වනු ඇති .

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේදී එක්සත් රාජධානිය සහ සියලු රජයන් සමග පවතින හවුල්කාරීත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචන්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එකසත් රාජධානිය සමග කටයුතු කරන බව විදේශ කටයුතු ආමාතංශය අදාළ නිවේදනය මගින් සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles