කොටුවේ උද්ඝෝෂණය කළ චාල්ස් ප්‍රදීප් ඇතුළු දෙදෙනාට ඇප

0
295

එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනා ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ. ඔවුන් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ(19) දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව එය සංවිධානය කර තිබුණි. එහිදී කොටුව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, නිරෝධායන නීතියට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here