Monday, January 13, 2025

කොතලාවල පනත ගැන ආණ්ඩුවේ තීරණය වෙනස් වේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ආණ්ඩු පක්ෂ රැස්වීමක් ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක් පාර්ශ්වයක් පනත ඉදිරිපත් කළ යුතු බවත් අනෙක් පාර්ශ්වය පනත ඉදිරිපත් කිරීමට විරෝධය පළ කෙරූ බවත් වාර්තා වේ .

එහිදී පනතට විරුද්ධව සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ ‌ප්‍රේම්නාත් සී දොලේවත්ත යන පිරිස අදහස් ප්‍රකාශ කොට ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊ‌ට පක්ෂව අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයා අදහස් දක්වා ඇති බවක්ද දැනගන්නට ඇත.

ලබන සිකුරාදා දිනයේ පැවැත්වීමට තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදිනට නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.

කෙසේවුවද, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අගෝස්තු 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට මේවන විට පාර්ලිමෙන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

Sri Lanka Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles