කොතලාවල පනත ගැන විවාදය කල්දැමේ

0
375

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (04)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසුවේ, මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍ය යැයි, තමා විශ්වාස කරන බැවින් එදිනට කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here