කොතලාවල විශ්ව විද්‍යාලය හා BCS ආයතනය අතර ගිවිසුමක්

0
418

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා බී සී එස් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය අතර ආයතනික සාමාජිකත්ව ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලබාදි තිඛෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි කැබිනට් මණ්ඩලය මෙම අනුමැතිය ලබා දි ඇත්තේ.

බි්‍රතාන්‍යය පරිගණක සංගමය ලෙස මින් පෙර හැදින්වු බී සී එස් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය පරිගණකකරණය සම්බන්ධයෙන් සුදුසුකම් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින් වෘත්තිමය සාමාජිකයන් වශයෙන් ලියාපදිංචි කරනවා.

එම ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිම සදහා අයදුම් කරනු ලබන පුද්ගලයන් ඇගයිම සම්බන්දයෙන් වන කටයුතුවල නිරත විම සදහා කොතලාවල ආරක්ෂක විශ්ව විදයාලය වෙත අනන්‍ය නොවන බලපත්‍රයක් ලබා දිමට බී සි එස් ආයතනය කැමැත්ත පළ කර ඇතැයි සදහන්.

ඒ අනුවයි මෙම ගිවිසුම අත්සන් කිරිමට යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here