කොත්තු, රයිස්, කෑම පැකට් හෙට සිට මිල ඉහළ යද්දී බස් ගාස්තුත් ලබන සතියේ…..

0
557

කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව බස් රථ සංගම් පවසනවා.

ඒ අනුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුනි 30 සිදු කළ යුතුව ඇති බවත් ඉන්ධන මිල ඉහළ යාමත් හේතුවෙන් 35% ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

මෙම සංශෝධනය හෙට (27) සිට ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොවුන හොත් බස් ධාවනයෙන් ඉවත්වන බවයි ඔහු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here