Saturday, September 21, 2024

කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔට්ටුවට තිබ්බ ආණ්ඩුවට මේ දේවල්වලට වගකියන්න ඕනේ

රටේ ජනතාව අතරේ බැක් ලිස්ට් වෙලා. රට ඇතුළේ අසාදු ලේඛනගතවෙලා ඉන්න මේ ආණ්ඩුව අද වෙද්දී විදේශ රටවල් ඉදිරියේ අපේ ලංකාව හැල්ලුවට ලක් කරලා තිබෙන තරම හොඳට පෙන්න තියෙනවා. අපේ රටේ බැංකුවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ රටක පෞද්ගලික ආයතයක ගනුදෙනුකවට බැක් ලිස්ට් කරලා තියෙනවා. කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔට්ටුවට තියලා සුදු කෙලපු ආණ්ඩුවකට මේකට වගකියන්න සිද්ධ වෙනවා. යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක,

“පොහොර පරීක්ෂා කරන්න කලින් ණයවර ලිපි නිකුත් කරන්න (එල්සී) නියෝග දුන්නේ කවුද කියලා රටේ ජනතාව දැනගතයුතුව තිබෙනවා. මෙහෙම දෙයක් රටට ගෙන්නට පෙර 1999 අංක 35 දරණ පනතට අනුව ශාක නිරෝධායන ආයතනයේ අනුමැතිය අනිවාර්යෙන්ම ගතයුතුව තිබෙනවා.

දැන් රජය පැත්තෙන් මේ දූෂිත ගණුදෙනු පිළිබඳව පරස්පර අදහස් තමයි ප්‍රකාශ වෙන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා කියනවා එල්සී ඕපන් කරන්න කලින්ම චීනයෙන් නැවත පිටත් වෙලාලු. එල්සී ඕපන් කරන්න කලින් මේවා පරීක්ෂා කළ යුතුව තිබෙනවා. පිටරටින් ගෙන ඕනෑමට ජා ජාරවක් භාරගැනීමේ හැකියාවක් අපිට නැහැ. ශාක නිරෝධායන ආයතනයේ පරීක්ෂණ වාර්තා එන්න කලින් එල්සී ඕපන් කරේ කුමන හේතුවක් නිසා කියලා මාධ්‍ය විමසන කොට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා ලංකාවේ තියෙන රජයේ පොහොර දෙකම කිව්වලු ඉක්මනින්ම එල්සී ඕපන් කරන්න කියලා.

අපි දන්න හැටියට මේ පොහොර සමාගම් දෙක රජයේ පාලනයේ යටතේ මහින්දානන්ද ඇමතිතුමා, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතුමාගේ අමාත්‍යාංශවලට අදාළ ඒවා. එල්සී අරිනකොට ඊට අදාළ වන ප්‍රධාන කොන්දේසි කිසිවක් සඳහන් කරන්නේ නැතිව තමයි එල්සී ඕපන් කරලා තියෙන්නේ.“ යැයි පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles