Tuesday, January 21, 2025

කොරියානු විභාගයට අයෑදුම්පත් නිකුත් කිරීම අද

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔන්ලයින් ක්‍රමයට (Point System) පැවැත්වීම සඳහා විභාග අයෑදුම්පත් නිකුත් කිරීම අද (20 වැනිදා) දිවයිනේ මධ්‍යස්‌ථාන 15 කදී සිදුකෙරේ.

ස්‌ථානීය අගය හෙවත් Point System ක්‍රමයට ලකුණු ලබාදීමේ පරිගණක ආශ්‍රිතව පවත්වනු ලබන ප්‍රථම විභාගය මෙය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර කොරියානු භාෂා විභාගය ලිත විභාගයක්‌ ලෙස පැවැති අතර මේ වසරේ (2016) සිට පරිගණක ආශ්‍රිතව පැවැත්වේ.

මෙම ක්‍රමය අපේක්‍ෂකයන්ට නව අත්දැකීමක්‌ ද වන අතර විභාග අක්‍රමිකතා අවම කිරීමත්, නව ලොවට ගැලපෙන ලෙස කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වීමත් මෙහි අරමුණු වේ.

පරිගණක ආශ්‍රිත ඔන්ලයින් විභාගය ලබන ජුලි මස ආරම්භ වීමට නියමිතය. එය අංක 205, දෙපානම, පන්නිපිටිය යන කොරියානු පරිගණක මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ. වැඩි තොරතුරු සඳහා කාර්යාංශයේ www.slbee.lk වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් දැනගත හැක.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබාදීමේ ක්‍රමයද වෙනස්‌ වී තිබේ. ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්‍ෂණය ඔන්ලයින් ක්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්‍ෂණයක්‌ද ප්‍රායෝගිකව සිදුකරනු ලබයි. අපේක්‍ෂකයන් ස්‌ථානීය ලකුණු ඡදසබඑ Sහිඑeප යටතේ තෝරාගනු ලබයි. මෙවර පවත්වන විභාගයේදී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක්‍රමය යටතේ ලකුණු 100 ක්‌ හා හැකියා පරීක්‍ෂණයේදී ස්‌ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද, එසේම ධීවර හා ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක්‍රමය යටතේ ස්‌ථානීය ලකුණු 90 ක්‌ද හැකියා පරීක්‍ෂණය ස්‌ථානීය ලකුණු 110 ක්‌ද වශයෙන් ලබාදේ. මෙයට අමතරව ඉහත රැකියා අංශ තුන සඳහා අමතර හැකියා ලකුණු 5 බැගින් ලබාදේ. කර්මාන්ත අංශයට ලබා දෙන මුළු ස්‌ථානීය ප්‍රමාණය 205 වන අතර ධීවර හා ඉදිකිරීම් අංශය සඳහා ලබාදෙන ස්‌ථානීය ලකුණු ප්‍රමාණය 205 කි.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් සඳහන් කළේ, ජුනි මස 20 සිට 23 දක්‌වා දින හතර තුළ අදාළ මධ්‍යස්‌ථානවලට ගොස්‌ අයෑදුම්පත් ලබාගන්නා ලෙසයි. ඔන්ලයින් ක්‍රමයට පවත්වන මෙම විභාගය පිළිබඳව අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් පමණක්‌ ලබා ගන්නා ලෙසත්, ඒ සඳහා තෙවැනි පාර්ශ්වයක සහයෝගය ලබා නොගන්නා ලෙසත්, අමාත්‍යවරිය රැකියා අපේක්‍ෂිතයන්ගෙන් ඉල්ලා සිටී. අයෑදුම්පත් නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක්‌ නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, නුවර, මාතර, රත්නපුර යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා ගාල්ල, කඩවත, සීදුව, තංගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, වවුනියාව, යාපනය හා පොළොන්නරුව යන කාර්යාංශ පුහුණු මධ්‍යස්‌ථානවලදී හා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී අයෑදුම්පත් නිකුත් කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles